top of page

කොවිඩ් වසංගතයේ ආරම්භයත් එක්ක මේ වෙනකන් අපේ ගම සම්පූර්නයෙන්ම පිටස්තර අයට හුදකලා කරලයි තිබුනෙ. නමුත් දැන් ඒ හැමදෙයක්ම ක්‍රමයෙන් ආයෙත් තිබුන විදිහටම පත්වෙලා තියෙනව. ඒ හුදකලාවෙ ප්‍රතිඵලයක් විදිහට මේ වෙද්දි ඉස්සර තිබුන මීමුරේ ගම දැන් තවතවත් ලස්සන වෙලයි තියෙන්නෙ.

 

ඒ වගේම මේ කාලසීමාව ඇතුලත හුන්නස්ගිරිය හංදියේ ඉඳල අපේ ගමට එන්න තිබුන අතිදුශ්කර මාර්ගයත් සම්පූර්නයෙන්ම කාපට් ඇතිරවීමට පිලිසකර කලා. ඉතිං දැන් ඉස්සර වගේ නෙවෙයි ඕනම වාහනයකට ඉතාමත් අඩුකාලසීමාවකින් පහසුවෙන් ගමට එන්නත් පුලුවන්. ඒ වගේම දැන් අපේ ගමට Mobitel සහ Dialog සිග්නලුත් තියෙනව.

 

කොවිඩ් වසංගතයත් එක්ක ගෙවල් ඇතුලෙ හිරවෙලා හිටපු ඔයාලට දැන් ආයෙමත් අවස්ථාවක් හම්බෙල තියෙනව ඒ කාර්යබහුල පීඩාකාරී ජීවන රටාවෙන් මදකට ඈත් වෙලා අපේ ගමට ඇවිල්ල ලස්සනම ලස්සන නිවාඩුවක් නිස්කලංකව ගත කරල යන්න.

 

 හැබැයි ඇත්තටම පරිසරයට ආදරයක් ඒ ගැන හැඟීමක් තියෙන අය විතරක් එන්න. අඩුම තරමේ ඔයාල අරගෙන එන ටොෆී කොළයක්වත් පරිසරයට බැහැරකරන්න එපා. තවද ගම්මානයේ තියෙන මේ නිහැඬියාව රැකගෙන විනීත විදිහට හැසිරෙන්න පුලුවන් අය විතරක් අපිට කතා කරන්න.

 

# Package_details (Two days + One night)

* උදේ, දවල්, රෑ ආහාර වේල් 03ක් * තේ වේල් 02ක් * චිකන් BBQ * කඳවුරු බැදීම් (සනීපාරක්‍ෂක පහසුකම් සමඟ) * පළපුරුදු සහ විශ්වාසනීය මාර්ගෝපදේශනය * සියලුම ආරක්ෂක උපකරණ *මීමුරෙහි පවතින සියලුම Adventure activities ඇතුලත් වේ

 

071 412 8847

එන්න අපි ආයෙමත් මීමුරේ යමු !!!

Mee Mure Traveling

SKU: 0001
රු. 3,500.00 Regular Price
රු. 3,000.00Sale Price
Quantity

©2021 All Rights Reserved Achi Bro lk | PG 

  • Whatsapp
  • YouTube
bottom of page